අන්තර් ඒකක මල්ලවපොර ශූරතාවලිය - 2017
අන්තර් ඒකක මල්ලවපොර ශූරතාව 2017 කටුනායක ගුවන් හමුදා කඳවුරු ගෘහස්ථ කි‍්‍රඩාංගනයේදී 2017 ජූනි මස 07 දින  පවත්වන ලදි.

ශී‍්‍ර ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරු රෙජිමෙින්තු පක්ෂාංග කන්ඩායම සහ ශී‍්‍ර ලංකා ගුවන් හමුදා  ඒකල වෘත්තීය පුහුණු පාසල් කන්ඩායම පිළිවෙලින් පිරිමි සහ කාන්තා ශූරතා දිනා ගැනීමට සමත් විය. මෙම තරගාවලියේ පිරිමි  සහ කාන්තා  අනුශූරතාවය දිනා ගැනීමට ශී‍්‍ර ලංකා ගුවන් හමුදා අනුරාධපුර සහ ශී‍්‍ර ලංකා ගුවන් හමුදා කොළඔ කඳවුරු  කන්ඩායම් සමත්කමි දක්වන ලදි.

ශී‍්‍ර ලංකා ගුවන් හමුදා විද්‍යුත් හා විදුලි සංදේශ අධ්‍යක්ෂක එයාර් වයිස් මාර්ෂල් ජේ පී වනිගතුංග ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාව සදහා සහභාගී වු අතර ශී‍්‍ර ලංකා ගුවන් කටුනායක කඳවුරු අණදෙන නිළධාරි එයාර් කොමඩෝර් ප‍්‍රසන්න පායෝ මහතා, ඇතුලු නිළධාරීන් සහ සෙසු නිළයන් පිරිසක් මෙම අවසාන තරගය නැරඹීම සදහා සහභාගී විය.

හොදම තාක්‍ෂණික මල්ලව ශූරයා - පිරිමි
ෆ්ලයින්ග් ඔෆිසර් ආර් ඒ ඒ එස් රණසිංහ -  ශී‍්‍ර ලංකා ගුවන් හමුදා රත්මලාන ඉංජිනේරු පක්ෂාංගය

හොදම තාක්‍ෂණික මල්ලව ශූරයා - කාන්තා
නායක ගුවන් කාන්තා රාජපක්ෂ ආර් එම් එච්- ශී‍්‍ර ලංකා ගුවන් හමුදා කොලඹ කදවුර



 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි