පාකිස්තානු නාවික හමුදා මාණ්ඩලික ප‍්‍රධානී ගුවන් හමුදාපතිතුමන් හමුවෙයි
පාකිස්තානු නාවික හමුදා මාණ්ඩලික ප‍්‍රධානී අද්මිරාල් මොහොමඩ් සකාවුල්ලා මහතා 2017 ජුනි මස 12 වන දින ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත වෙමින් ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා හමුවිය.
ආරක්‍ෂක ප‍්‍රධානීන් දෙදෙනා අතර ද්විපාර්ශවික වශයෙන් වැදගත් වන කරුණු පිළිබදව සාකච්ජා සිදු කල අතර මෙම අවස්ථාව සනිටුවහන් කිරීම සදහා දෙපාර්ශවය අතර සමරු තිළිණ හුවමාරුවක්ද සිදු විය.ශ්‍රී ලංකා ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානීතුමන් හා ගුවන් හමුදා අධ්‍යක්ෂක මණ්ඩලයේ නිළධාරීන් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී විය.