මිය ගිය බලලත් නිළධාරි යාපාරත්නගේ සේවය අගයයි
ගංවතුර තත්වය හේතුවෙන් විපතට පත්වූවන් මුදවා ගැනීමේ මෙහෙයුම් වල නිරතව සිටියදී පසුගියදා ජීවිතක්‍ෂයට පත් වූ බලලත් නිළධාරී යාපාරත්න කල සේවය අගය කිරීමක් ලෙස ඔහුගේ පුතනුවන් වන අනූසර  ලක්ෂාන් යාපාරත්න නමින් කොළඹ ෆෑන් ඒෂියා බැංකුව මගින්  රුපියල් 100000 ක ස්ථාවර තැම්පතු ගිණුමක් (ළමා ගිණුමක්) විවෘත කර නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී අලෙවි නාලක විජේවර්ධන මහතා විසින් පසුගියදා ඔහු වෙත භාර දෙන ලදි. මෙම වැඩසටහන එම බැංකුවේ ආයතනික සමාජ වගකීම් කි‍්‍රයාකාරකම් යටතේ සිදු කරන ලදි.

මෙම අවස්ථාව සදහා ගුවන් හමුදා සුභ සාධක අධ්‍යක්‍ෂකයේ ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිළධාරී ගෲප් කැප්ටන් එල්එච්එන් ජයතිලක ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසලේ අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් එම්ජේආර් පෙරේරා සහ සේවා වනිතා ඒකකයේ ලේකම් ස්කොඩි‍්‍රරන් ලීඩර් එම්සී ගමගේ යන නිළධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි