ධූරයෙන් විශ‍්‍රාම යන ආරක‍ෂක මාණ්ඩලික ප්‍රධානී ගුවන් හමුදාධිපතිතුමන් හමුවෙයි
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති  මහතා සහ ධූරයෙන් විශ‍්‍රාම යන ආරක‍ෂක මාණ්ඩලික ප්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් කෝලිත ගුණතිලක  මහතා අතර හමුවක් 2017 ජූනි 14 වන දින ගුවන් හමුදා මූලස්ථානයේදී සිදුකරන ලදී.

එහිදී ගුවන් හමුදා වර්ණ පක්ෂාංගය විසින් ආරක‍ෂක මාණ්ඩලික ප්‍රධානී තුමන් වෙත ගෞරව සම්මාන මුරයක්ද පිරිනමන ලද අතර පෙළපාලි පරීක්‍ෂාවෙන් අනතුරුව ගුවන් හමුදාධිපතිතුමන් විසින් එතුමන් ඉතා උණුසුම් අයුරින් ගුවන් හමුදා මූලස්ථානය වෙත පිළිගන්නා ලදී. මෙම අවස්ථාව සදහා කොළඹ කදවුරු අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් වරුණ ගුණවර්ධන ඇතුලු නිළධාරීහු පිරිසක්ද සහභාගී වූහ.

අනතුරුව ගුවන් හමුදාධිපතිතුමන් සහ ආරක‍ෂක මාණ්ඩලික ප්‍රධානී තුමන් අතර සුහද සංවාදයක් සිදු කෙරුණු අතර මෙම හමුවීම සිහිපත් විම පිණිස දෙපාර්ෂවය අතර සමරු ඵලක හුමවාරුවක්ද සිදු කර ගන්නා ලදී. සංචාරය අවසානයේ ආරක‍ෂක මාණ්ඩලික ප්‍රධානී තුමන්  ගුවන් හමුදා අධ්‍යක්‍ෂක මණ්ඩලයද හමුවිය.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි