මීරිගම ගුවන් හමුදා කඳවුරේ ගුවන් බාලදක්‍ෂ කණ්ඩායමක් ස්ථාපිත කෙරේ
12:22pm on Monday 19th June 2017
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා ගුවන් බාලදක්‍ෂ කණ්ඩායම එහි ක‍්‍රියාකාරකම් රට පුරා ව්‍යාප්ත කිරීමේ කොටසක් ලෙස, මීරිගම ගුවන් හමුදා කඳවුර අවට ප‍්‍රදේශයේ දරු දැරියන් හට ගුවන් බාලදක්‍ෂ සමූහය හා සම්බන්ධ වීමට අවස්ථාව සලසා දෙමින් ඒ සඳහා බඳවාගැනීමේ සම්මුඛ සාකච්ඡාවක් පසුගියදා පවත්වන ලදී. 2017 ජූනි මස 17 වන දින ගුවන් හමුදා ජ්‍යේෂ්ඨ ගුවන් බාලදක්‍ෂ නායකයින් විසින් පවත්වනු ලැබූ බඳවා ගැනීමේ සම්මුඛ සාකච්ඡාව සඳහා දරු දැරියන් 150 ක් පමණ පැමිනෙන ලදී. මෙහිදී, දෙමාපියන් සහ පාසල් ළමුන් උදෙසා ගුවන් බාලදක්‍ෂ කණ්ඩායම පිළිබඳව හඳුන්වාදීමේ සැසිය පවත්වන ලදී.

මෙම අවස්ථාව සඳහා මීරිගම ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් ඔ ඒ එන් එස් ප‍්‍රනාන්දු, ප‍්‍රධාන සමුහ බලදක්‍ෂ නායක විංග් කමාන්ඩර් ජේ ඒ පී එස් ජයවර්ධන, උප ප‍්‍රධාන සමුහ බලදක්‍ෂ නායක විංග් කමාන්ඩර් ඊ එස් පොන්නම්පෙරුම, ගම්පහ දිස්ත‍්‍රීක් සමුහ බාලදක්‍ෂ නායක ස්කොඩ්රන් ලීඩර් ඩී එන් එස්  හලහකෝන් සහ ජ්‍යේෂ්ට ගුවන් බාලදක්‍ෂ නායකයින් රැසක් සහභාගී වූහ.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි