ශ‍්‍රී ලංකා ගුවන් හමුදා වෛද්‍ය සහන සේවා කණ්ඩායමෙන් අයගම ප‍්‍රදේශයේ ගංවතුරින් අවතැන් වූවන්ට වෛද්‍යාධාර
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා වෛද්‍ය සහන සේවා කණ්ඩායම විසින්, පසුගිය දා ඇතිවූ දරුණු ගංවතුර සහ නායයෑම් හේතුවෙන් අවතැන් වූ අයගම ප‍්‍රදේශයේ ජනතාව වෙනුවෙන් වෛද්‍ය කඳවුරු දෙකක් පසුගිය 2017 ජූනි මස 20 වන දින අයගම ප‍්‍රදේශයේ ස්ථාන දෙකකදී සිදු කරන ලදී. මඩගල්තුර ශෛලෝත්තරාරාම විහාරස්ථානයේ සහ අයගම තේ ජනපදයේ පිහිටි ශ‍්‍රී මහින්දාරාම විහාරස්ථායේදී මෙම සායන පවත්වන ලදී.

ගුවන් හමුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකය මගින් මෙම වෛද්‍ය කඳවුරු දෙකෙහි සමස්ථ සම්බන්ධිකරන කටයුතු සිදු කරන ලදී.

මෙම වෛද්‍ය කඳවුරු මගින් බාහිර රෝගී ප‍්‍රථිකාර, විශේෂඥ වෛද්‍යවරුන්ගේ උපදේශන පහසුකම් (සර්වාංග රෝග, ශල්‍ය වෛද්‍ය, ළමා රෝග, චර්ම රෝග සහ ප‍්‍රසව හා නාරිවේද* සුළු ශල්‍යකර්ම පහසුකම්, මූලික රසායනාගාර පරීක්ෂණ පහසුකම් සහ මනෝවිද්‍යාත්මක උපදේශන සේවාවන් ජනතාව හට ලබා ගැනීමට හැකි විය. රෝගීන් සඳහා නිර්දේශීත සියළුම ෙඖෂධ වර්ග එම ස්ථාන දෙකෙහිම පිහිටවූ ෙඖෂධ මධ්‍යස්ථාන වෙතින් ලබා දෙන ලදී.

මෙම කඳවුරු සඳහා කොළඹ ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් පස් දෙනෙකු සහ ගුවන් හමුදා වෛද්‍ය අංශයේ සාමාජික සාමාජිකාවන්ද ඇතුළුව 35 දෙනෙකුගෙන් යුත් වෛද්‍ය සහන සේවා කණ්ඩායමක් තම දායකත්වය දක්වන ලදී. එමගින් අයගම ප‍්‍රදේශයේ අවතැන් වූ 1000කට අධික රෝගීන් පිරිසක් ප‍්‍රථිකාර ලබා ගත් අතර අයගම ප‍්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලයේ වෛද්‍ය නිළධාරීන්ගේ සම්බන්ධිකරණ සහයද මෙම වැඩසටහන සිදු කිරීම සඳහා ලැබිණි.

ගුවන් හමුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක එයාර් කොමඩෝර් ලලිත් ජයවීර, ගුවන්පුර ගුවන් හමුදා රෝහල් අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් වසන්ත පද්මපෙරුම, රත්මලාන ගුවන් හමුදා කඳවුරු රෝහල් අණදෙන නිළධාරීනී විංග් කමාන්ඩර් සුජීවා අල්විස්, ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ වෛද්‍ය නිළධාරීන් සහ වෛද්‍ය අංශ සාමාජික සාමාජිකාවන් රැසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

  
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි