කොළඹ කඳවුරු සුභසාධක පාසල් බස් රථ ධාවනය සඳහා නව බස්රථ දෙකක්
අළුතින් මිලදී ගත් නව බස්රථ දෙකක් කොළඹ කඳවුරු සුභසාධක පාසල් බස් රථ ධාවනය සඳහා යෙදවීම ගුවන්පුර පොදු සේවා නිවාස සංකීර්ණයේදී අද (2017 ජූලි මස 03) දින සිදු කරන ලදී.

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී අනෝමා ජයම්පති මහත්මිය සමගින් මෙම අවස්ථාවට ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී විය.

ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානී එයාර් වයිස් මාර්ෂල් සුමංගල ඩයස්, ගුවන් හමුදා අධ්‍යක්‍ෂක මණ්ඩලය, කොළඹ කඳවුරු අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් වරුණ ගුණවර්ධන, නිළධාරීන්, සෙසු නිළයන් සහ පාසල් දරු දැරියන් රැසක් මෙම අවස්ථාවට එක්වූහ.

   
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි