70 වන අණ නොලත් නිළධාරී කළමනාකරණ පාඨමාලාව සඳහා සහතික පත් ප‍්‍රදානය කෙරේ
70 වන අණ නොලත් නිළධාරීන්ගේ කළමනාකරණ පාඨමාලාවේ සම්මාන ප‍්‍රදානය කිරීම විධායක විනයාරක්‍ෂක නිළධාරී  එයාර් කොමඩෝර් එම්ඩබිටීඅයි ද සිල්වා මහතාගේ ප‍්‍රධානත්වයෙන් 2017 ජුලි මස 07 වන දින පවත්වන ලදී.

මෙම පාඨමාලාව පැවැත්වීමේ මූලික අරමුණ වන්නේ ති‍්‍රවිධ හමුදාවේ අණ නොලත් නිළධාරීන්ගේ  නායකත්ව ගුණාංග තියුණු කරලීම සඳහා ශක්තිමත් ශාස්ති‍්‍රය හා කළමනාකරණ දැනුම ලබා දීමයි. මෙම පාඨමාලාව සති 11 ක  කාලසීමාවක් පුරාවට පවත්වනු ලබන අතර සම්මත විෂය නිර්දේශයකට අනුව සිදු කරනු ලබයි. මෙම පාඨමාලාව හදාරනු ලබන අයවලුන් අතරින් පාඨමාලාව සාර්ථකව අවසන් කරන අයවලුන් හට රජරට විශ්ව විද්‍යාලයේ පරිපූර්ණ පාඨමාලාවක් සදහා අනුයුක්ත කරනු ලබන අතර අවශ්‍ය ලකුණු මට්ටම සම්පුර්ණ කර සුදුසුකම් සපුරාලන සියලුම අණ නොලත් නිළධාරීන් හට කළමනාකරණය පිළිබඳ සහතිකපත් පිරිනමන ලදි. මෙම 70 වන අණ නොලත් පාඨමාලාව සදහා ශී‍්‍ර ලංකා ගුවන් හමුදාව නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ අණ නොලත් නිළධාරීන් 32 දෙනෙකු සහ කනිෂ්ඨ අණ නොලත් නිළධාරීන් 49 දෙනෙකු සහභාගී වූ අතර ශී‍්‍ර ලංකා යුධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ අණ නොලත් නිළධාරීන් 02 ක් සහ ශී‍්‍ර ලංකා නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨ අණ නොලත් නිළධාරීන් 02 දෙනෙකුද ඇතුලත් විය.  සම්මාන ප‍්‍රදානෝත්සවයේ දී සම්මාන ලාභීන් 85 දෙනකුට මෙම පාඨමාලාව සාර්ථකව සම්පූර්ණ කිරීම වෙනුවෙන් සහතිකපත් ප‍්‍රදානය කරනු ලැබීය.

19364 බල/සැරයන් සමරකෝන් (ගුවන්යානා ඉංජිනේරු ශිල්පී) හොඳම ජ්‍යෙෂ්ඨ අධිකාරී නොලත් නිළධාරියා වශයෙන් සම්මාන ලබා ගත් අතර ගුවන් කාන්තා 2835 කෝප‍්‍රල් හේරත් (පොලිස් ) සෑම අතින්ම දක්‍ෂතම කණිෂ්ඨ අණ නොලත් නිළධාරියා ලෙස සම්මාන හිමි කර ගන්නා ලදි. අනෙකුත් විශේෂ සම්මාන ජයග‍්‍රහකයින් ඉංගී‍්‍රසි පරිවර්තනයේ සදහන් වේ.

මෙම සහතිකපත් ප‍්‍රදානෝත්සවය සදහා ශී‍්‍ර ලංකා ගුවන් හමුදා චීනවරාය විද්‍යාපීඨයේ පිඨාධිපති එයාර් වයිස් මාර්ෂල් පීඩීකේටී ජයසිංහ නිළධාරීතුමන් ඇතුළු එම කදවුරේ ජ්‍යෙෂ්ඨ නිළධාරීන් සහ සෙසු නිලයන් පිරිසක් සහභාගී වී සිටියහ.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි