ගුවන් හමුදා සක‍්‍රීය සේවයේ යෙදී සිටියදී ආබාධිත වූ සේවා පුද්ගලයන් සහ සේවා පුද්ගලයන්ගේ පවුල්වල සාමාජිකයන් හට ගුවන් හමුදාවෙන් ආධාර
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ සක‍්‍රීය සේවයේ යෙදී සිටියදී ආබාධිත වූ එක් නිළධාරීවරයෙකු, සේවා පුද්ගලයන්ගේ පවුල්වල සාමාජිකයින් 05 දෙනෙකු සහ එක් ගුවන් භටයෙකු හට රෝද පුටු බෙදා දීමක් අද (2017 ජූලි මස 12) දින ශ‍්‍රි ලංකා ගුවන් හමුදා මූලස්ථානයේ ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ දී ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා සහ ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී අනෝමා ජයම්පති මහත්මිය ගේ ප‍්‍රධානත්වයෙන් සිදු කරන ලදී.
ආබාධිත තත්වයට පත්වූ සේවා පුද්ගලයන්ගේ ජීවිතයට අත්වැලක් වීමේ අරමුණින් යුතුව ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා විසින් ඔවුන් හට රෝද පුටු 07 ක් ලබා ගැනීම සඳහා සේවා වනිතා ඒකකයේ අරමුදලින් මුදල් ලබා දීම සිදු කරන ලදී.