ජපන් ශ්‍රී ලංකා මිත්‍රත්ව සංගමය මගින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට තවත් පරිත්‍යාගයන් රැසක්
ජපන් ශ්‍රී ලංකා මිත්‍රත්ව සංගමය විසින් ජපන් රජයේ ආධාර යටතේ ගිනි නිවාරණ රථයක් ප්‍රදානය කිරීමේ උත්සවයක් අද (2017 ජුලි මස 24) දින ජනාධිපති නිළ නිවසේදී පැවැත්විණි.
අනතුරුව මෙම රථය සංකේතාත්මකව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට භාර දීමෙන් පසු ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා වෙත එම අවස්ථාවේ භාර දෙන ලදි.
ටොයෝටා ඩයිනා වර්ගයට අයත් මෙම රථය ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත භාර දීමේ උත්සවය අද (2017 ජුලි 24) දින ගුවන් හමුදා මුලස්ථානයේදී පවත්වන ලදි. මෙම අවස්ථාව සදහා ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් සුමංගල ඩයස් මහතා සහභාගී වූ අතර උත්සවය අතරතුර ජපන් දූත පිරිස විසින් එතුමන් වෙත එම රථයන්හි යතුරු භාර දීමට කටයුතු කරන ලදි.
මීට අමතරව එම නියෝජිත පිරිස විසින් ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවයේ සිටියදී මිය ගිය බලලත් නිළධාරී වයිඑම්එස් යාපාරත්නගේ පුතනුවන් හට විශේෂ ශිෂ්‍යත්වයක් ප්‍රදානය කරන ලද අතර ගුවන් හමුදා සේවා වනිතා ඒකකය වෙත ඇස් කණ්ණාඩි ප්‍රදානය කිරීමටද කටයුතු කරන ලදි. මෙම පරිත්‍යාගයන් මීට පෙරද ජපන් ශ්‍රී ලංකා මිත්‍රත්ව සංගමය විසින් ගුවන් හමුදාව වෙත ලබා දී ඇති අතර ශ්‍රී ලංකා ගුවන් හමුදාව සමග සහයෝගීතාවය වර්ධනය කර ගැනීමට මෙමගින් සිදු කර ගැනීමට බලාපොරොත්තු වේ
මෙම පරිත්‍යාගයන් අගයමින් උත්සවය අතරතුර විශේෂ සංස්කෘතික වැඩසටහන් කිහිපයක්ද ඔවුන් හට නැවුම් වු අත්දැකීමක් ලබා දීම සදහා ඉදිරිපත් කරන ලදි.
මෙම අවස්ථාවට ජපන් ශ්‍රී ලංකා මිත්‍රත්ව සංගමයේ ප්‍රධානි ලෙස කටයුතු කරන වෛද්‍ය තිලකරත්න මහතා ඇතුලු එම සංගමයේ නියෝජිතයන් පිරිසක්ද සහභාගී වි සිටියහ.
මීට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරන ගුවන් හමුදාව නියෝජනය කරමින් ගුවන් හමුදා අධ්‍යක්ෂ මණ්ඩලය නිළධාරීන් ඇතුලු සෙසු නිළයන් පිරිසක්ද සහභාගී වි සිටියහ.