අගමැති තුමන්ගේ පාර්ලිමේන්තු ජීවිතයට අවුරුදු 40 ක් පිරීම නිමිත්තෙන් විශේෂ ප‍්‍රදර්ශනයක්
අග‍්‍රමාත්‍යතුමන්ගේ පාර්ලිමේන්තු ජීවිතයේ වසර 40 ක් සම්පූර්ණ කිරීම මූලික කර ගනිමින් අමාත්‍යංශ කිහිපයක් විසින් එකමුතුව විශේෂ ප‍්‍රදර්ශනයක්  සංවිධානය කරන ලදි. මෙම ප‍්‍රදර්ශනයේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අග‍්‍රමාත්‍ය ගරු රනිල් වික‍්‍රමසිංහ මහතා  සහභාගි වන ලදි.

2017 ජූලි මස 27 දින සවස අග‍්‍රමාත්‍යවරයා විසින් ගුවන් හමුදාව විසින් සකස් කල විශේෂ ප‍්‍රදර්ශන කුටියේ සංචාරයක නිරත වූ අතර ගුවන් හමුදා  සාමාන්‍ය ඉංජිනේරු අධ්‍යක්‍ෂක එයාර් කොමඩෝර් ඇන්ඩෲ විජේසූරිය මහතා විසින් එතුමන් පිළිගනිමින් ප‍්‍රදර්ශන කුටිය වෙත කැදවාගෙන යනු ලැබීය.

මහරගම තරුණ සේවා සභා පරිශ‍්‍රයේදී මෙම මස 30 වන දින දක්වා  ප‍්‍රදර්ශනය පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර මෙම ප‍්‍රදර්ශනය දිනපතා උදෑසන 1000 සිට රාති‍්‍ර 1000 පැය දක්වා මහජනතාව සඳහා විවෘතව පවතී.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි