විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහනට ගුවන් හමුදාවේ සහය
දැනට දිවයින තුල පැතිරි යන ඩෙංගු වසංගතය මර්ධනය කිරීමේ රජයේ වැඩපිළිවලට සහය දැක්විම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය මගින් කි‍්‍රයාත්මක කර ඇති ඩෙංගු රෝග අවදානම් දිස්ති‍්‍රක්කයන් හි පාසල් පිරිසිදු කිරිමේ වැඩසටහනට සහය දැක්විම සඳහා 2017 ජුලි 28 වන දින ගුවන් හමුදා සමාජික සාමාජිකාවන් 715 දෙනෙකු දිවයින පුරා පාසල් 70 ක් තුළ යෙදවිමට ගුවන් හමුදාව විසින් කටයුතු සිදු කර ඇත.

මෙම ජාතික මෙහෙවරට දායකත්වය දැක්විම සදහා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතාගේ උපදෙස් පරිදි ශි‍්‍ර ලංකා ගුවන් හමුදා මුලික කඳවුර රත්මලාන, මුලික කඳවුර කටුනායක ,කොළඹ, සිගිරිය , දියතලාව , ඒකල , විරවිල, පාලවි යන කදවුරු වලින් මෙම වැඩසටහන සඳහා ශ‍්‍රම දායකත්වය ලබා දි ඇත.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි