නව යුධ හමුදාධිපතිතුමන් ගුවන් හමුදාධිපතිතුමන් හමුවෙයි
නව යුධ හමුදාධිපති මේජර් ජෙනරාල් එන් යූ එම් එම් ඩබ්ලිව් සේනානායක මහතා හා ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාෂල් කපිල ජයම්පති මහතා අතර හමුවක් අද (2017 අගෝස්තු මස 21) දින ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේදී සිදූවිය.
කොළඹ කදවුරු අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් වරුණ ගුණවර්ධන විසින් නව යුධ හමුදාධිපති තුමන් ඉතා උණුසුම් අයුරින් ගුවන් හමුදා මූලස්ථානය වෙත පිළිගන්නා ලද අතර අනතුරුව ගුවන් හමුදා වර්ණ පක්ෂාංගය විසින් එතුමන් වෙත ගෞරව සම්මාන මුරයක්ද පිරිනමන ලදී. මෙම අවස්ථාව සදහා නිළධාරීහු පිරිසක්ද සහභාගී වූහ.
අනතුරුව ගුවන් හමුදාධිපතිතුමන් සහ නව යුධ හමුදාධිපති තුමන් අතර සුහද සංවාදයක් සිදු කෙරුණු අතර මෙම හමුවීම සිහිපත් විම පිණිස දෙපාර්ෂවය අතර සමරු ඵලක හුමවාරුවක්ද සිදු කර ගන්නා ලදී. සංචාරය අවසානයේ නව යුධ හමුදාධිපති තුමන් ගුවන් හමුදා අධ්‍යක්‍ෂක මණ්ඩලයද හමුවිය.