ගුවන් හමුදාධිපති වාර්ෂික පරීක්ෂණය කටුනායක ගුවන් හමුදා කඳවුර - දෙවන සැසිය
3:04pm on Saturday 26th August 2017
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා විසින් කටුනායක ගුවන් හමුදා කඳවුරේ ගුවන් හමුදාධිපතිතුමාගේ වාර්ෂික පරීක්ෂණය (දෙවන සැසිය) 2017 අගෝස්තු මස 25 වන දින පවත්වන ලදී.
ගුවන් හමුදාධිපතිතුමන් විසින් කදවුරු පරීකෂණය සිදුකරමින් සියලුම ස්ථාන පරීකෂා කල අතර පරීක්ෂණය අවසානයේදී ගුවන් හමුදාධිපතිතුමා විසින් කටුනායක කඳවුරේ සියලූම නිළධාරීන්,සෙසු නිළයන් හා සියලූම සිවිල් සේවකයින් හට කඳවුරු සංවිධානය වෙනුවෙන් කරන ලද වැඩ පිලිවෙල වෙනුවෙන් ස්තූති කරමින් ඒ අය අමතා කථා කරන ලද අතර මාතෘභූමිය ගොඩනැගීම සදහා නිරන්තරයෙන්ම ගුවන් හමුදාවේ දායකත්වය අවශ්‍ය බව ද අවධාරණයෙන් කියා සිටියේය.