ශ්‍රී ලංකා ගුවන් හමුදා වෙඩි තැබීමේ කණ්ඩායමෙන් විශිෂ්ට දක්ෂතා
කඳුරට වෙඩි තැබීමේ සංගමයට අයත් හන්තාන ‍වෙඩි පිටියේදී පැවති දක්ෂතම වෙඩික්කරුවන්ගේ ශූරතාවය 2017, තරඟාවලියේ විශිෂ්ට දක්ෂතා දැක්වීමට ශ්‍රී ලංකා ගුවන් හමුදා  වෙඩි තැබීමේ කණ්ඩායම සමත් විය. ජාතික රයිෆල් සංගමය අනුබද්ධිත කණ්ඩායම් ඇතුළු,  යුධ හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව සහ පොලීසිය නියෝජනය කරමින්  කී‍්‍රඩකයන් 130 ක් පමණ මෙම තරඟාවලියට  සහභාගී වූහ.

දින 04 ක් පුරා පැවැති මෙම තරඟාවලියේ දී  ගුවන් හමුදා කී‍්‍රඩක ක‍්‍රීඩිකාවන් රන් 11 ක්, රිදී 06 ක් හා ලෝකඩ 05 ක් හිමිකර ගැනීමට සමත් විය.

ජාතික රයිෆල් සංගමයේ සභාපති රියර් අද්මිරාල් නීරාජා ආටිගල සම්මාන ප‍්‍රධානෝත්සවයේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි