සේවයෙන් විශ‍්‍රාම ගත් ගුවන් හමුදා සෙසු නිළයන් සඳහා නව නිවාඩු නිකේතනයක් වැඩසිටි කන්දේ විවෘත වෙයි
ගුවන් හමුදාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව ඉදිකරන ලද ගුවන් හමුදා සේවයෙන් විශ‍්‍රාම ගත් සෙසු නිළයන් සඳහා කතරගම, වැඩසිටි කන්දේ අළුතින් ඉදිකරන ලද නිවාඩු නිකේතනය ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා විසින් 2017 අගෝස්තු මස 31 වන දින විවෘත කරන ලදී.
ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු අධ්‍යක්‍ෂකයේ පූර්ණ අධීක්‍ෂණය යටතේ රත්මලාන ගුවන් හමුදා කඳවුරු ගුවන් පථ ඉදිකිරීම් පක්‍ෂාංගය විසින් මෙහි ඉදිකිරීම් කටයුතු ඉතා කෙටි කාලයකින් නිම කරන ලදී. මෙම නිවාඩු නිකේතනය නවීන පහසුකම් වලින් සමන්විත කාමර තුනකින්, එක් කෑම කාමරයකින්, විසිත්ත කාමරයකින්, සහ රූපවාහිනී නැරඹිමෙ පහසුකම් ඇතුළු පහසුකම් රැසකින් සමන්විත වෙයි. එසේම සියළු උපාංගයන් සහිත මුළුතැන්ගෙයකින්ද මෙම නිවාඩු නිකේතනය මන්විත වෙයි.
සැපයුම් අධ්‍යක්‍ෂක එයාර් වයිස් මාර්ෂල් එච්එම්එස්කේබී කොටකදෙණිය, සිවිල් ඉංජිනේරු අද්‍යක්‍ෂක එයාර් කොමඩෝර් එම්ආර්කේ සමරසිංහ, වීරවිල ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී ගෘප් කැප්ටන් ඩීආර්ඒබී වරකාංග, සේවයෙන් විශ‍්‍රාම ගිය ගුවන් හමුදා සාමාජික සාමාජිකාවන් සහ සෙසු නිලයන් රැසක් මෙම අවස්ථාවට එක්වූහ.