ගුවන් හමුදා ප‍්‍රදර්ශනය සහ සැණකෙලිය දෙවන දිනටත්
ශ‍්‍රි ලංකා ගුවන් හමුදාව විසින් සංවිධානය කරනු ලබන ප‍්‍රදර්ශනය සහ සැණකෙළිය    වව්නියාව ගුවන් හමුදා කඳවුරේදී දෙවන දිනටත් පවත්වන ලදී. මෙම ප‍්‍රදර්ශනය සඳහා ඇතුල්වීම සඳහා කිසිදු ගාස්තුවන් අයනොකරනු ලබන අතර ප‍්‍රදර්ශනය උදෑසට 1000 ආරම්භ විය.

සැප්තැම්බරු් මස 1 වන දින ගුවන් හමුදාධිපතිතුමන් විසින් පළමුදින ප‍්‍රදර්ශනය විවෘත කිරීමේන අනතුරුව ප‍්‍රදර්ශනය මහජනතාව වෙනුවෙන් විවෘත විය. පළමු දිනයේ ඇද හැළුනු ධාරානිපාත වර්ෂාවද නොසලකා බාල මහලු සියල්ලක්ම ප‍්‍රදර්ශනය නැරඹීමට එක් වූහ. 2 වන දින උදෑසන සිට ප්රදර්ශන භූමියට ඉතා උනන්දුවෙන් නැරඹීමට පැමිණි සිටි විශාල ජනකායක් දැක ගත හැකි විය.

2017 ශ‍්‍රී ලංකා ගුවන් හමුදා ප‍්‍රදර්ශනය සහ සැණකෙළිය 2017 සැප්තැම්බර් මස 3 වන දින දක්වා වව්නියාව ගුවන් හමුදා කඳවුරේදී පැවැත්වේ.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි