දියකාවා ඒකාබද්ධ යුධ අභ්‍යාසයේදී ගුවන් හමුදාව ගුවනේදී වැදගත් කාර්යභාරයක් සිදු කරයි
 'දියකාවා ඒකාබද්ධ යුධ අභ්‍යාසය  2017'  අවසාන අදියර  අද දින  (2017 සැප්තැම්බර් මස 14) කුච්චවේලිහිදී සිදු කරන ලදී. මෙහිදී ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මැතිතුමා සමඟ ගරු රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය රුවන් විඡේවර්ධන, ආරක්ෂක අමාත්‍යංශ ලේකම් කපිල වෛද්‍යරත්න, ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී අද්මිරාල් රවීන්ද‍්‍ර සී විජේගුණරත්න, යුද හමුදා හා නාවික හමුදා අණදෙන නිළධාරීන් මෙහෙයුමේ අවසාන අදියරේ නිරීක්‍ෂණ චාරිකාව සදහා එක්විය.

මෙහිදී මෙහෙයුමේ උච්චතම මොහොතේ කමාන්ඩෝ රෙජිමේන්තුව සහ විශේෂ බලකායන් විසින් සිය අවසන් ප‍්‍රහාරය මෙහෙයවමින්  කුච්චවේලිහි සතුරු බලවේගයන් අල්ලා ගනිමින් කුඩා කණ්ඩායම් යෙදවීමෙන් මෙහෙයුම මෙහෙය වූ අතර ගුවන් හමුදාව හා නාවික හමුදාව ඔවුන් හා සම්බන්ධීකරණය විය.

ශී‍්‍ර ලංකා ගුවන් හමුදාව විසින් ගුවන් මෙහෙයුම් සදහා ගුවන් මගින් මුදාහැරීම්,  ගුවන් ප‍්‍රහාර සහ නිස්සාර කිරීමේද යොදා ගන්නා ලදි. 2017 ඒකාබද්ධ යුධ අභ්‍යාසයේ  ගුවන් හමුදා ජේ්‍යෂ්ඨ සම්බන්ධීකාරක ලෙස ගෲප් කැප්ටන් බන්දු එදිරිසිංහ මහතා කටයුතු කරන ලදී.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි