ගුවන් සම්මේලනය 2017 මාධ්‍ය සාකච්ඡාව
9:29am on Wednesday 11th October 2017
කොළඹ ගුවන් සම්මේලනය 2017 පිළිබඳව මාධ්‍ය දැනුම්වත් කිරීමේ මාධ්‍ය හමුවක් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මැතිතුමාගේ මූලිකත්වයෙන් 2017 ඔක්තෝම්බර් මස 10 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථාන ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී.
කොළඹ ගුවන් සමුළුව 2017 "අසමතුලිත යුධමය තත්වයන් වලදී ගුවන් බලය යෙදවීම" යන්න තේමා කොට ගෙන මෙවර පවත්වනු ලබයි. හමුදා ප්‍රධානීන්, තාක්ෂණික විශේෂඥයින්, ගෝලීය ප්‍රතිපත්ති ආයතන, ලොව පුරා රටවල් නියෝජනය කරනු ලබන රාජ්‍ය තාන්ත්‍රිකයින්, අනාගතය විසින් පනවන පොදු අභියෝගයන් විසඳීම සඳහා ඒකාබද්ධ ගෝලීය ගුවන් බලය ගොඩනැගීම වෙනුවෙන් 2017 ඔක්තෝබර් මස 12 සහ 13 යන දිනයන්හිදී රත්මලාන, අත්තිඩිය, ඊගල්ස් ලේක්සයිඞ් උත්සව ශාලාව වෙත පැමිණෙනු ලබයි.
මාධ්‍ය සාකච්ඡාව අතරතුරදී ගුවන් හමුදාධීපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා විසින් මාධ්‍ය අමතමින් කොළඹ ගුවන් සමුළුව, ජාතික, කලාපීය සහ ගෝලීය වශයෙන් අනාගතයේ මුහුණු දෙන ගුවන් බලය සම්බන්ධ වූ ගැටළු සහ ආරක්ෂක තර්ජන මෙන්ම ස්වභාවික උවදුරු සඳහා ගුවන් බලය යෙදවිය යුතු ආකාරය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ප්රමුඛ පෙළේ අන්තර්ජාතික සමුළුවක් බව ප්‍රකාශ කරන ලදී.
ගුවන් හමුදා පුහුණු අධ්‍යක්ෂක එයාර් වයිස් මාර්ෂල් පීඩීකේටී ජයසිංහ. ගුවන් සමුළුවේ සභාපති සහ චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ පීඨාධිපති එයාර් කොමඩෝර් එච්එස්එස් තුයියකොන්තා, ගුවන් හමුදා මාධ්‍ය අධ්‍යක්ෂක ගෲප් කැප්ටන් එම්ඩීඒජී සෙනෙවිරත්න, 2017 කොළඹ ගුවන් සමුළුවේ ලේකම් ස්කොඩ්රන් ලීඩර් ඩීඑල්ඒ මානගේ සහ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය නියෝජනය කරමින් ජනමාධ්‍යවේදීන් රැසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.