
පාසල් අවසන් කල සේවා පුද්ගලයන්ගේ දියණියන් යහපත් ගෘහණියන් වශයෙන් සම්පූර්ණ කිරීමේ දෙවන පාඨමාලාව අවසන් වෙයි
පාසල් අවසන් කල සේවා පුද්ගලයන්ගේ දියණියන් යහපත් ගෘහණියන් වශයෙන් සම්පූර්ණ කිරීමේ පාඨමාලාව අවසාන කිරීමේ උත්සවය 2017 ඔක්තෝම්බර් මස 16 වන දින ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල් හෙලිටුවර්ස් පුහුණුවීම් මධ්‍යස්ථානයේදී සිදු කරන ලදී.
මෙම පාඨමාලාව ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මැතිතුමාගේ සංකල්පයකට අනුව පවත්වන ලදී.
ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනිී අනෝමා ජයම්පති මහත්මිය ප‍්‍රධාන ආරාධිත අමුත්තිය වශයෙන් මෙම අවස්ථාවට සහභාගී වූවාය. එහිදී එතුමිය විසින් පාඨමාලාව හැදෑරූ සිසුවියන්ට සහ උපදේශකයින් හට සහතික පත් සහ ත්‍යාග ප‍්‍රදානය කිරීම සිදු කරන ලදී.
මෙහිදී ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ සේවයේ නියුතු හා සේවයෙන් විශ‍්‍රාම ගන්නා ලද සේවා පුද්ගලයන්ගේ පාසල් අධ්‍යාපනය අවසන් කල සිසුවියන් 14 දෙනෙකු සහ පුහුණු ගුවන් කාන්තාවන් 04 දෙනෙකුගෙන් සමන්විතව 18 දෙනෙකු විසින් පාඨමාලාව අවසන් කර සහතික පත් ලබා ගන්නා ලදී.
ගුවන් හමුදා වැඩබලන සුභ සාධක අධ්‍යක්‍ෂිකා එයාර් කොමඩෝර් පීඩීඒ මාරිස්ටෙලා, ඒකල වෘත්තීය පුහුණු පාසලේ අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් ජූඩ් පෙරේරා, නිළධාරීන්, සෙසු නිළයන් සහ සිසුවියන් මෙම අවස්වට සහභාගී වූහ.
මීලඟ පාඨමාලාව 2018 ජනවාරි මාසයේදී ආරම්භ කිරීමට නියමිත අතර එය සති අන්ත පාඨමාලාවක් වශයෙන් සති අන්ත 8 කදී පැවැත්වීමට නියමිත වෙයි. මේ සඳහා ගුවන් හමුදා සේවයේ නියුතු සහ සේවයෙන් විශ‍්‍රාම ගන්නා ලද සේවා පුද්ගලයන්ගේ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය සහ අ.පො.ස. උසස් පෙළ විභාගයන් සම්පූර්ණ කල දුවණියන් හට අයදුම් කල හැකි වෙයි.
වැඩි විස්තර සඳහා අමතන්න















