
අංක 06 ගුවන් ආරක්ෂක රේඩාර් බළගණය සිය 08 වැනි සංවත්සරය සමරයි
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා අංක 06 ගුවන් ආරක්‍ෂණ රේඩාර් බලඝණය සිය 08 වන සංවත්සරය 2017 ඔක්තෝම්බර් මස 15 වන දින සමාජ, ආගමික සහ ක‍්‍රීඩා කටයුතු සඳහා ප්‍රමුඛත්වයක් ලබාදෙමින් සමරන ලදී.
අංක 06 ගුවන් ආරක්ෂක රේඩාර් බළගණය 2009 ඔක්තෝම්බර් මස 15 වන දින ස්ථාපිථ කරන ලද අතර මෙම බලඝණය විසින් ජාතික ගුවන් ආරක්ෂක ජාලයට අතිවිශාල දායකත්වයක් ලබා දී තිබේ.
සිය 08 වන සංවත්සරය සමරමින් බලඝණය විසින් ත‍්‍රිකුණාමළය, ශ‍්‍රද්ධාපුර, ධර්මරාජ විද්‍යාලයේ සිසු දරු දැරියන් හට පරිගණක විද්‍යාගාරයක් ප‍්‍රදානය කිරීම සිදු කරන ලදි.
මීට සමගාමීව, වෙල්ලයිමානල් ග‍්‍රාමෝදය වෛද්‍ය මධ්‍යස්ථානයේ ශ‍්‍රමදාන ව්‍යාපාරයක්ද දියත් කරන ලදී.
සංවත්සර දින පෙළපාලිය බලඝණ පරිහ‍්‍රයේදී සිදු කරන ලද අතර අණදෙන නිලධාරී විංග් කමාන්ඩර් කේසී සේරසිංහ විසින් පෙළපාලිය නිරීක්‍ෂණය කරන ලදී. බලඝණයේ සියළුම සාමාජිකයින්ගේ සහභෘගීත්වයෙන් සිදු කරන ලද පැලසිටුවීමේ වැඩසටහනකින් සහ සැහැල්ලු පන්දු ක‍්‍රිකට් තරඟාවළියකින් සංවත්සර සැමරුම සමාප්ත කරන ලදී.
ගුවන් හමුදා ගුවන් මෙහෙයුම් අද්‍යක්‍ෂක එයාර් වයිස් මාර්ෂල් එස්කේ පතිරණ සහ චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ පීඨෘධිපති එයාර් කොමඩෝර් එච්එස්එස් තුයියකොන්තා ආරාධිත අමුත්තන් ලෙස මෙම අවස්ථාවට එක් වූහ.


















