කටුකුරුන්ද කඳවුරේ සේවා හා සිවිල් පුද්ගලයින්ගේ සුභ සාධනය ඉහලනංවයි
සියළුම පහසුකම් වලින් සපිරි සුභ සාධක වෙළඳසැලක් කටුකුරුන්ද ගුවන් හමුදා කඳවුරේදී සුභ සාධක අධ්‍යක්ෂ එයාර් වයිස් මාර්ෂල් ඩබ්.ඒ. සිල්වා විසින් අද(25) විවෘත කරන ලදී.

කදවුරු අණදෙන නිළධාරී බළඝණ නායක චින්තක හේරත් ගේ පුර්ණ අධික්ෂණය යටතේ මෙහි අලුත් වැඩියා කටයුතු සිදු කල අතර කොළඹ කඳවුරේ ගුවන් පුර පිහිටි ප්‍රධාන සුභ සාධක වෙළඳසැල මගින් මෙම වෙළඳසැල පෝෂණය කෙරේ.

මෙම සුභ සාධක වෙළඳසැල කඳවුරේ සිවිල් හා සේවා පුද්ගලයින් වෙනුවෙන් විවෘත වීමත් සමග ඔවුන්ට අඩු මිලට භාණ්ඩ ලබා ගැනීමේ හැකියාව වැඩි දියුණු වී ජීවින මට්ටම උසස් තත්වයකට පත්වීම නිතැතින්ම සිදුවනු ඇත.

විධායක සුභසාධක අරමුදලේ සම්භන්ධීකාරක විංග් කමාන්ඩර් නාමල් පිටිගල ඇතුළු උසස් නිළධාරීන් මෙන්ම කඳවුරේ සියළුම නිලයන්, සිවිල් සේවක මහතුන් මෙම උත්සවයට සහභාගී විය.





airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි