අණදෙන නිළධාරීන් වෙනුවෙන් පැවැත්වෙන පරිපාලන සහ කළමණාකරණ සංවර්ධන 13 වන වැඩසටහන
අණදෙන නිළධාරීන් උදෙසා පවත්වනු ලැබූ දහතුන්වන පරිපාලන සහ කළමණාකරන සංවර්ධන අධ්‍යයන වැඩසටහන පසුගිය 2017 ඔක්තෝම්බර් මස 25 වන දින චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේදී නිමාවට පත්විය. මෙම වැඩසටහන 2017 ඔක්තෝම්බර් මස 25 වන දින සිට 2017 ඔක්තෝම්බර් මස 27 වන දින දක්වා පවත්වන ලදී. පුහුණු වැඩසටහන ආරම්භ කරමින් කනිෂ්ඨ අණ හා මාණ්ඩලික පුහුණු පාසලේ අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් එස්ඩීජීඑම් සිල්වා විසින් දේශනයක් පවත්වන ලදි.
අණදෙන නිලධාරීන් විසින් තීරණ ගැනීමේදී ඒවායේ ප‍්‍රමිතිකරණය වැඩි දියුණු කිරීම මෙම වැඩසටහන මගින් සිදු කරනු ලබයි. මෙමගින් අණදෙන නිළධාරීන් දැනුවත් කිරීම හා ඔවුන්ගේ රාජකාරි හා වගකීම් ඉටු කරන අතරම තම අත්දැකීම් හුවමාරු කර ගැනීමටද අවස්ථාව සැලසේ. තවද, මෙම පාඨමාලාව ගුවන් හමුදා ප‍්‍රමිති හා මූලික හරයන්ට අනුකූල වන අතර ගුවන් හමුදාවන්හි කි‍්‍රයා පටිපාටි සහ රෙගුලාසි අන්තර්ගත වේ.
මෙම පුහුණු වැඩසටහන පැවැත්වීමේ අරමුණ වූයේ ආයතනික සංස්කෘතීන් හා පරිපාලන පරිසරය තුල අභියෝග වලට මුහුණ දීමට ශී‍්‍ර ලංකා ගුවන් හමුදාවේ අණදෙන නිළධාරීන්ගේ පරිපාලන සහ කළමණාකරන කාර්ය සාධන හැකියාව වර්ධනය කිරීමයි.
එසේම මෙහිදී අණදෙන නිළධාරීන් එකිනෙකා අතර තම අත්දැකීම් හා දැනුම හුවමාරු කරගැනීමද සිදුවිය.
මෙම පුහුණු සැසියේ දේශන සහ විෂයන් පරිනත උපදේශකයන් විසින් මෙහෙයවනු ලැබූ අතර ඵලදායී සාකච්ඡා සැසි සමගින් විශාල විෂය පථයක් ආවරණය කරන ලදී.