අන්තර් ඒකක වූෂූ තරඟාවළිය 2017
2017 අන්තර් ඒකක වූෂූ තරඟාවළිය 2017 නොවැම්බර් මස 08 වන දින කටුනායක ගුවන් හමුදා කඳවුරු ගෘහස්ථ ක‍්‍රීඩාගාරයේදී නිමාවට පත්විය. එහිදී කටුනායක ගුවන් හමුදා කඳවුරු රෙජිමේන්තු පක්‍ෂාංගය සහ ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල පිළිවෙලින් පිරිමි සහ කාන්තා ශූරතාවයන් දිනා ගන්නා ලදී. එසේම එහි පිරිමි අනුශූරතාවය ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල දිනාගත් අතර කොලම ගුවන් හමුදා කඳවුර කාන්තා අනුශූරතාවයට හිමිකම් කියන ලදී.

ගුවන් හමුදා සාමාන්‍ය ඉංජිනේරු අධ්‍යක්‍ෂක එයාර් වයිස් මාර්ෂල් ඇන්ඩ‍්‍රෑ විජේසූරිය ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් මෙම අවස්ථාවට සහභාගී විය. ගුවන් හමුදා වූෂූ සංචිතයේ සභාපති එයාර් කොමඩෝර් එස්සීකේ පල්ලෙවෙල, නිළධාරීන් සහ සෙසු නිළයන් රැුසක්ද මෙම අවස්ථාවට එක්වූහ.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි