ප‍්‍රමිතිය හා ඵලදායිතාව පිළිබඳ ප‍්‍රථම සිංහල මාධ්‍යය ප‍්‍රකාශනය එළිදැක්වීම
විශ‍්‍රාමික ප‍්‍රධාන බලලත් නිළධාරී  ඩීබීඒ අජන්ත කුමාර විසින් සකස් කරන ලද තත්ත්ව කළමනාකරණ හා ඵලදායිතාව සඳහා පියවර, සිංහල මාධ්‍යයෙන් සකස් කර පළමුවන පුහුණු අත්පොත 2017 නොවැම්බර් 09 වන දින නව පුහුණු ප‍්‍රකාශනයක් ලෙස ප‍්‍රකාශයට පත් කරන ලදී.  එය කොළඹ ගුවන් හමුදා මූලස්ථානයේ පිහිටි විධායක තත්ත්ව සහතික පරීක්ෂණ ඒකකයේදී සිදුවිය.
 
මෙම අවස්ථාවට ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගුවන්යානා ඉංජිනේරු අධ්‍යක්‍ෂක එයාර් කොමඩෝර් එම්ඩී රත්නායක මහතා සහභාගී විය. මෙහිදී විධායක තත්ත්ව පර්යේෂණ නිළධාරී එයාර් කොමඩෝර් ටීඒඩීආර් සේනානායක විසින් එහි ප‍්‍රධාන දේශනය පවත්වන ලදි. නියෝජ්‍ය ගුවන්යානා ඉංජිනේරු අධ්‍යක්‍ෂක, විධායක තත්ත්ව පර්යේෂණ නිළධාරීන් ඇතුළු එම ඒකකයේ කාර්ය මණ්ඩලයද මෙම අවස්ථාවට සහභාගී විය.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි