11 වන ලෝක ආරක්‍ෂක සේවා ගොල්ෆ් ශූරතාවය 2017 චීන වරාය ඊගල්ස් ගොල්ෆ් ලින්ක් හිදී ඇරඹේ
ශී‍්‍ර ලංකා ගුවන් හමුදාව හා චීන වරාය ඊගල්ස් ගොල්ෆ් ලින්ක් එක්ව පළමු වරට 11 වන ලෝක යුද හමුදා ගොල්ෆ් ශූරතාවය 2017 මෙවර සංවිධානය කරන ලදී. ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී අද්මිරාල් රවීන්ද‍්‍ර විජේගුණරත්න මහතා පැමිණීමෙන් මෙම තරගාවලියේ සමාරම්භක උත්සවය ආරම්භ විය. ශී‍්‍ර ලංකා යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක, ශී‍්‍ර ලංකා ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානීී එයාර් වයිස් මාර්ෂල් සුමංගල ඩයස්, ගුවන් හමුදා අධ්‍යක්‍ෂක මණ්ඩලය ඇතුළු ති‍්‍රවිධ හමුදා ජේ්‍යෂ්ඨ නිලධාරීන් පිරිසක් මෙම ඓතිහාසික අවස්ථාවට සහභාගී විය.

සමාරම්භක උත්සවය සදහා ඇමරිකා එක්සත් ජනපදය, නෙදර්ලන්තය, බහරේන්, කැනඩාව, එස්තෝනියාව, ප‍්‍රංශය, ජර්මනිය ස්පාඤ්ඤය සහ සිම්බාබ්වේ යන රටවල කණ්ඩායම් සහභාගී වී සිටියහ.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි