හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුර සිය 39 වන සංවත්සරය සමරයි
හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුර සිය 39 වන සංවත්සරය2017 නොවැම්බර් මස 23 වන දින කඳවුරු අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් වීබී එදිරිසිංහ ගේ නායකත්වයෙන් යුතුව කඳවුරු සියළුම නිළධාරීන්, සෙසු නිළයන් සහ සිවිල් සේවක මහත්ම මහත්මීන්ගේ සහභාගීත්වයෙන් සමරන ලදී.

සංවත්සරය සමරමින් ලේ දන්දීමේ ව්‍යාපාරයක් 2017 නොවැම්බර් 17 වන දින හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරු සියළුම නිළයන්ගේ සහභාගීත්වයෙන් කඳවුරු දේශන ශාලාවේදී පවත්වන ලදී.

සංවත්සර දින සැමරුම රුක් රෝපණ වැඩසටහනකින් ආරම්භ කරන ලද අතර අනතුරුව සැහැල්ලු පන්දු ක‍්‍රිකට් තරඟාවළියක් පවත්වන ලදී. සියළු නිළයන් සඳහා වූ දිවා භෝජන සංග‍්‍රහයකින් අනතුරුව සංවත්සර දින සැමරුම අවසන් කරන ලදී.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි