අංක 09 ප්‍රහාරක හෙලිකොප්ටර් බලඝණය සිය 22 වන සංවත්සරය සමරයි
හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරේ පිහිටි අංක 09 ප්‍රහාරක හෙලිකොප්ටර් බලඝණය සිය 22 වන සංවත්සරය 2017 නොවැම්බර් මස 22 වන දින සමරන ලදී.

සංවත්සර දින වැඩසටහන් මාලාව ආරම්භ කරමින් සංවත්සර දින පෙළපාලිය බලඝණ පරිශ‍්‍රයේදී අංක 09 සහ අංක 07 හෙලිකොප්ටර් බලඝණයන්හි මියගිය රණවිරුවන් අනුස්මරණය කරමින් එම්අයි 24 ස්මාකයට පුෂ්පෝපහාර දක්වමින් පවත්වන ලදී.

හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරු අණදෙන නිලධාරී ගෘාප් කැප්ටන් වීබී එදිරිසිංහ ප‍්‍රදාන ආරාධිත අමුත්තා වශයෙන් මෙම අවස්ථාවට සහභාගී විය. අනතුරුව බලඝනයේ සියළු නිළයන්ගේ සහභාගීත්වයෙන් එල්ලේ තරඟාවළියක්ද පවත්වන ලද අතර සියළු නිළයන් සඳහා දිවා භෙෘ්ජන සංග‍්‍රහයක්ද පවත්වන ලදී.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි