ගුවන් බාලදක්ෂයින්ගේ පළමු බේඩන් පවෙල් පදක්කම පිරිනැමේ
12:38pm on Monday 4th December 2017
බේඩන් පවෙල් සම්මාන ප‍්‍රදානය ශ‍්‍රී ලංකා ජාතික බාලදක්ෂ මූලස්ථානයේදී පසුගිය 2017 නොවැම්බර් මස 30 වන දින පවත්වන ලදී. මෙය බාලදක්ෂ සාමාජිකයින් හට පිරිනැමෙන ඉහලම සම්මානය වෙයි.

ගුවන් බාලදක්ෂ ඉතිහාසයේ ප‍්‍රථම වතාවට නශ‍්‍රී ලංකා උතුරු පාලාත් රෝවර් බාලදක්ෂ, නායක ගුවන් භට අමල්රාජ් එස් (පොලිස් 111) බේඩන් පවෙල් සම්මානය දිනා ගන්නා ලදී.

ශ‍්‍රී ලංකා බාලදක්ෂ සම්මේලනයේ ප‍්‍රධාන කොමසාරිස් මෙරිල් ගුණතිලක මහතා, බාලදක්ෂ කණ්ඩාම් නායක විංග් කමාන්ඩර් පමින්ද ජයවර්ධන සහ ශ‍්‍රි ලංකා ගුවන් හමුදා අනෙකුත් බාලදක්ෂ නායකයින් මෙම බේඩන් පවෙල් සම්මාන ප‍්‍රදානය සඳහා සහභාගී වූහ.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි