ගුවන් හමුදා සේවා වනිතා ඒකකයෙන් 2017 නත්තල් කැරොල් ගී ප‍්‍රසංගයක්
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් සංවිධානය කරන ලද 2017 ගුවන් හමුදා නත්තල් කැරොල් ගී ප‍්‍රසංගය 2017 දෙසැම්බර් මස 08 වන දින සන්ධ්‍යාවේදී කොළඹ ආරක්‍ෂක සේවා විද්‍යාලයීය ශ‍්‍රවණාගාරයේදී පවත්වන ලදී. මෙහිදී එෂාන්ත ද ඇන්ඩ‍්‍රාඩෝ මහතා විසින් ගීතිකා ඉදිරිපත් කරන ලද ගුවන් හමුදා සාමාජික සාමාජිකාව්න සහ එම පවුල්වල සාමාජිකයින් ගෙන් සමන්විත ගීතිකා කණ්ඩායම මෙහෙයවන ලදී. ශ‍්‍රි ලංකා ගුවන් හමුදා වාද්‍ය වෘන්දය විසින් මියුරු සංගීතය ගීතිකාවන් සඳහා සපයන ලදී.
ආරක්‍ෂක අමාත්‍යාංශ සේවා වනිතා ඒකකයේ සභාපතිනී ශාලිනී වෛද්‍යරත්න මහත්මිය සහ ආරක්‍ෂක අමාත්‍යාංශ ලේකම් කපිල වෛධ්‍යරත්න මහතා ප‍්‍රධාන ආරාධිත අමුත්තන් වශයෙන් මෙම අවස්ථාවට සහභාගී වූහ. ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා සහ ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී අනෝමා ජයම්පති මහත්මිය විසින් ඔවුන් පිළිගන්නා ලදී.
යුධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා, පොලිස්පති පූජිත ජයසුන්දර මහතා, ගුවන් හමුදා අධ්‍යක්‍ෂක මණ්ඩලය, නිළධාරීන් සෙසු නිළයන්, සේවා පුද්ගලයන්ගේ ළමුන් සහ පවුල්වල සාමාජික සාමාජිකාවන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.