නාලාන්දා විද්‍යාලයීය කණිෂ්ඨ ආදි ශිෂ්‍ය සංගමයේ වාර්ෂික ක‍්‍රීඩා දිනය සඳහා ගුවන් හමුදාධිපතිතුමන් සහභාගී වෙයි
නාලාන්දා විද්‍යාලයීය කණිෂ්ඨ ආදි ශිෂ්‍ය සංගමයේ වාර්ෂික ක‍්‍රිඩා දිනය  2017 දෙසැම්බර් මස 09 වන දින ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කොළඹ කඳවුරු රයිෆල් ගී‍්‍රන් ක‍්‍රීඩාංගනයේදී උදෑසන 8.30 සිට පවත්වන ලදී. නාලන්දා විද්‍යාලයේ 97 කණ්ඩායම විසින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.

දිනය ආරම්භ කරමින් සැහැල්ලු පන්දු ක‍්‍රිකට් තරඟාවළියක් පවත්වන ලදී. ප‍්‍රධාන වැඩසටහන් මාලාව  සවස 2.30ට ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් මෙම උත්සවයට සහභාගී වූ ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතාගේ පැමිණීමෙන් පසු ආරම්භ විය. නාලන්දා විද්‍යාලයේ විදුහල්පති තිලක් වත්තුහේවා මහතා ගෞරවනීය ආරාධිත අමුත්තා විය.

මෙම වසරේ උත්සවය සඳහා විශාල පිරිසක් සහභාගී වූ අතර විවධ විනෝදාත්මක ක‍්‍රිඩා සහ ක‍්‍රියාකාරකම් සඳහා සහභාගී වීමට කුඩා ළමුන්ට සහ ආදි සිසුන් හට අවස්ථාව සලසා දී තිබිිණි. දිනය අවසන් කරමින් භාතිය-සන්තුෂ් සහ උමාරියා විසින් ගීතවත් කල සංගීත සංදර්ශණයක්ද පවත්වන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි