ගුවන් හමුදා කාන්තා වෙඩික් කරුවෝ ජය ලබති
ගුවන් හමුදා කාන්තා වෙඩි තැබිමේ කාණ්ඩායම අයි.පි.ඒස්.අයි(අන්තර් ජාතික ප්‍රායෝගික පිස්තොල වෙඩි තැබිමේ සංගමය )ජාතික තාරගාවලිය 2010 විවෘත කොටසේ ශූරතාවය දිනා ගැනීමට සමත් විය. එසේම පිරිමි වෙඩි තැබීමේ කණ්ඩායම විවෘත සහ සම්මත යන කාණ්ඩ දේකේම අනුශූරතාවය ජය ගැනීමට සමත් විය.

මෙම තරගාවලිය ජාතික රයිෆල් සංගමය විසින් 20 වන වරටත් සංවිධානය කෙරූ අතර එම තරගය අගෝස්තු මස 26 සිට 29 දක්වා වැලිසර නාවික කදවුරේදී පැවැත්විනි.වෙඩි තැබීමේ ක්‍රීඩා සමාජ 10ක් පමණ නියෝජනය කරමින් තරග කරුවන් 150 අධික සංඛ්‍යාවක් මේ සදහා සහභාගි විය.

මෙම තරගාවලිය විවෘත , සම්මත හා නිෂ්පාදිත යන අංගයන් යටතේ පැවැත් වූ අතර යුධ හමුදා පිරිමි කණ්ඩායම මෙම තරගාවලියේ අංශයන් තුනේම ශූරතාවයන් දිනා ගන්නා ලදී.

ගුවන් කාන්තා ප්‍රශාදිකා කාන්තා විවෘත අංශයේ ප්‍රථම ස්ථානය දිනාගත් අතර, මුළු විවෘත තරගාවලියේදී (ගැහැණු / පිරිමි තරගකරුවන් ) දෙවන ස්ථානය දිනා ගැනීමට සමත් විය.

 

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි