සපුගස්කන්ද ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවය
සපුගස්කන්ද ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලීය අංක 11 පාඨමාලාවේ උපාධි ප්‍රදානෝත්සවය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2017 දෙසැම්බර් මස 13 වන දින පෙරවරුවේ ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික පාසල් ශ‍්‍රවණාගාරයේදී පැවැත්විණි.
මෙහිදී යුධ හමුදාවේ නිළධාරීන් 65 දෙනෙකු, නාවික හමුදාවේ 23 දෙනෙකු, ගුවන් හමුදාවේ 26 දෙනෙකු සහ විදේශීය නිලධාරීන් 14 දෙනෙකු සමන්විතව 128 දෙනෙකු වසරක පමණ කාළයක් වූ පාඨමාලාව හැදෑරීම වෙනුවෙන් උපාධි ප‍්‍රදානය කරන ලදී.
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ විංග් කමාන්ඩර් එච්එම්එල්එස් ලංකාතිලක විසින් හොඳම පිඨාධිපති පර්යේෂණ වාර්ථාව වෙනුවෙන් ”රන් පෑන” දිනා ගන්නා ලදී. ගුවන් පක්‍ෂාංගයේ සෑම අතින්ම දකක්‍ෂතම ශිෂ්‍ය නිළධාරියා හට පිරිනැමෙන රන් කුසලානය දිනා ගැනීමටද ඔහු සිමත්කම් දක්වන ලදී.
රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් කපිල වෛද්‍යරත්න යන මහත්වරුන් ද ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්‍ද‍්‍ර විජේගුණරත්න, යුද හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක, නාවික හමුදාධපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ, ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති, ආරක්‍සක සේවා අණ හා මාණ්ඩලික පාසලේ අධක්‍ෂක මණ්ඩලයේ සාමාජිකයින්, ත‍්‍රිවිධ හමුදා නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.