ජාතික රෝහලට ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවෙන් ආධාර
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව මගින් කොලඹ ජාතික රෝහලේ හෘද රෝග ඒකකය වෙත ආධාර ලබා දීමක් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතාගේ ප‍්‍රධානත්වයෙන් 2017 දෙසැම්බර් මස 15 වන දින ජාතික රෝහලේදී සිදු කරන ලදී.

මෙහිදී, ඇඳ මෙට්ට, කොට්ට, කොට් උර, ඇඳ ඇතිරිලි ආදී උපකරණ රාශියක් ලබාදීම සිදු කරන ලදී. චතුරිකා සිරිසේන මහත්මිය, ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී අනෝමා ජයම්පති මහත්මිය, ගුවන් හමුදා නිලධාරීන් ජාතික රෝහලේ හෘද රෝග ඒකකයේ කළමණාකරන නිලධාරීන් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්වූහ.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි