ගුවන් ප‍්‍රහාරක පාලක ලාංඡන ප‍්‍රදානය කෙරේ
ගුවන් හමුදා ගුවන් මෙහෙයුම් නිළධාරීන් හතර දෙනෙකු හට ගුවන් ප‍්‍රහාරක ලාංඡන පැලඳවීම ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා විසින් අද (2017 දෙසැම්බර් මස 20) වන දින ගුවන් හමුදා මූලස්ථානයේදී සිදු කරන ලදී.

ඔවුන් විසින් ඉන්දියාවේදී ගුවන් ප‍්‍රහාරක පාලක පාඨමාලාව හැදෑරීමෙන් අනතුරුව මෙලෙස සිය ගුවන් ප‍්‍රහාරක පාලක ලාංඡන ලබා ගන්නා ලදී. ගුවන් හමුදා ගුවන් මෙහෙයුම් අධ්‍යක්‍සක එයාර් වයිස් මාර්ෂල් සුදර්ශන පතිරන, ප‍්‍රධාන ගුවන් ප‍්‍රහාරක පාලක නිලධාරී එයාර් කොමඩෝර් සමන් පල්ලෙවෙල යනු නිළධාරීන්ද මෙම අවස්ථාවට එක්වූහ.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි