පිදුරුතලාගල ගුවන් හමුදා කඳවුර සිය 08 වන සංවත්සරය සමරයි
පිදුරුතලාගල  ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කඳවුර 2018 ජනවාරි මස 05 වන දින සිය  08 වන සංවත්සරය කඳවුරු අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් එම්සී පීරිස් ගේ අනුදැනුම යටතේ පවත්වන ලදී. සංවත්සර දින සැමරුම අරඹමින් කඳවුරු අණදෙන නිලධාරී විසින් කඳවුරේ  සියළුම නිළධාරීන් සහ සෙසු නිළයන් අමතන ලදී. පෙළපාලියෙන් අනතුරුව සුහද ක‍්‍රිකට් තරඟාවළියක් පවත්වන ලදී.

සංවත්සරයට සමගාමීව 2018 ජනවාරි මස 04 වන දින පිදුරුතලාගල කඳු වැටයේ පිවිසුම් මාර්ගය පිරිසිදු කිරීමද සිදු කරන ලදී.2018 ජනවාරි මස 06 වන දින නුවරඑළිය ජාතික ලේ බැංකුවේ සහ බෝගහකුඹුර එක්සත් පුණ්‍ය සංවිධානයේ සහයෝගයෙන් ලේ දන්දීමේ වැඩසටහනක් ද ක‍්‍රියාත්මක කරන ලදී.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි