විවිධ අවශ්‍යතා සහිත පුද්ගලයන් හට ගුවන් හමුදාවෙන් සහාය
9:53am on Wednesday 10th January 2018
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සේවා පුද්ගලයින්, විශ‍්‍රාමික පුද්ගලයින් සහ සිවිල් පුද්ගලයන්ගේ විවිධ අවශ්‍යතාවයන් වෙනුවෙන් ඔවුන් විසින් කරන ලද ඉල්ලීම් වලට අනුව ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා සහ ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී අනෝමා ජයම්පති මහත්මිය විසින්  ඔවුන හට මූල්‍යමය ශක්තියක් ලබා දෙමින් භාණ්ඩ පරිත්‍යාග කිරීමේ උත්සවයක් 2018 ජනවාරි මස 09 වන දින ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථාන සේවා වනිතා ඒකකයේදී පවත්වන ලදී.

විශ‍්‍රාමික ගුවන් කාන්තා මධුෂානි ඩබ්එල්ඩීඑම් හට ඇයගේ අක්මාවේ හටගෙලන ඇති රෝගී තත්වයට ප‍්‍රථිකාර ලබාගැනීම සඳහා  ගුවන් හමුදා සේවා වනිතා ඒකක අරමුදල මගින් රු 100000.00 ක පමණ මුදලක් පරිත්‍යාග කිරීමමෙහිදී සිදු කරන ලදී.

අකුරැුස්ස, ඇහැලපේ විද්‍යාරාජ විද්‍යාලයේ ඉගෙනුම ලබන ඩබ්ඩී තාරක ලත්මාල් (වයස අවු 16* සිසුවා හට ඔහුගේසෞන්දර්ය ඉගෙනීම් සඳහා සංගීත සහ නැටුම් උපකරණ පරිත්‍යාග කරන ලදී. මෙම උපකරණ ලබාදීම ඔහු විසින් ගුවන් හමුදෙ සේවා වනිතා ඒකකයේ සභාපතිනියගෙන් සිදු කරන ලද ඉල්ලීමකට අනුව ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් පරිත්‍යාග කරන ලදී.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සිවිල් සේවක සීඑස් ලියනගේ මහතාගේ බිරිඳ හට ජූකී මහන මැෂීමක් ප‍්‍රදානය කරන ලදී.

මෙම පරිත්‍යාගයන්ට අමතරව, ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සයිබර් ආරක්‍ෂණ විශේෂඥ සංජී බාලසූරිය මහත්මා විසින් මියගිය ඔහුගේ සොයුරු ස්කොඩ්‍්‍රන් ලීඩර් ප‍්‍රසංග බාලසූරිය වෙනුවෙන් ස්කොඩ්‍්‍රන් ලීඩර් ප‍්‍රසංග බාලසූරිය භාර අරමුදල මගින් සැරයන් ජයතුංග බීඑන්එච්පීකේ  ගේ පුතු සහ මියගිය සිවිල් සේවක ධම්මික ජයරත්න මහතාගේ පුතු හට ශිෂ්‍යත්ව දෙකක් ප‍්‍රදානය කරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි