
'සාලිස් වාසරක මහවැලි අසිරිය' පාපැදි සවාරිය ජය ගුවන් හමුදාවේ සමන්ත ලක්මාල්ට
පසුගිය ජනවාරි 08 මොරගහකන්දේ පැවති සාලිස් වාසරක මහවැලි අසිරිය පාපැදි සවාරියේ ජයග‍්‍රහනය ලබාගැනීමට ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ නායක ගුවන්භට සමන්ත ලක්මාල් සමත්කම් දක්වන ලදී. මොරගහකන්දෙන් ආරම්භ වූ මෙම තරගය නාඋල මාතලේ දඹුල්ල කටුගස්තොට හරහා පැමිණ පොල්ගොල්ලෙන් අවසන් වූ අතර මෙහි සමස්ථ දුර ප‍්‍රමාණය කි.මි 108.2කි.