නේපාල යුධ හමුදා මාණ්ඩලික ප‍්‍රධානි හා ශි‍්‍ර ලංකා ගුවන් හමුදාධිපති තුමන් අතර නිළ හමුවක්
ශි‍්‍ර ලංකාවට පැමිණි නේපාල යුධ හමුදා මාණ්ඩලික ප‍්‍රධානි ජෙනරල් රාජෙන්ද්‍ර චෙටිරි හා ශි‍්‍ර ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා අතර නිළ හමුව අද දින (18) උදෑසන ගුවන් හමුදා මුලස්ථානයේදී සිදුවිය.  
 
ගුවන් හමුදා මුලස්ථාන පරිශ‍්‍රයට පැමිණි නේපාල යුධ හමුදා මාණ්ඩලික ප‍්‍රධානි  ජෙනරල් රාජෙන්ද්‍ර චෙටිරි මහතා ඇතුළු දූත පිරිස ගුවන් හමුදා කොළඹ කඳවුරු අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් වරුණ ගුණවර්ධන විසින් පිළිගත් අතර නේපාල යුධ හමුදා මාණ්ඩලික ප‍්‍රධානි තුමන් වෙත ශි‍්‍ර ලංකා ගුවන් හමුදා වර්ණ පක්‍ෂාංගය විසින් ගෞරව සම්මාන මුරයක්ද පිරිනමන ලදි.
   
නේපාල යුධ හමුදා මාණ්ඩලික ප‍්‍රධානි රාජෙන්ද්‍ර චෙටිරි මහතා සහ ශි‍්‍ර ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා අතර හමුවීම සිහි ගැන්වීම පිණිස විශේෂ සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙරුණු අතර මෙම අවස්ථාව සදහා ශි‍්‍ර ලංකා ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානි ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයේ නිළධාරින්ද සහභාගී විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි