අණදෙන නිළධාරීන් වෙනුවෙන් පැවැත්වෙන පරිපාලන සහ කළමණාකරණ සංවර්ධන 14 වන වැඩසටහන
අණදෙන නිළධාරීන් උදෙසා පවත්වනු ලැබූ 14 වන පරිපාලන සහ කළමණාකරන සංවර්ධන අධ්‍යයන වැඩසටහන පසුගිය 2018 ජනවාරි මස 19 වන දින චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේදී නිමාවට පත්විය. මෙම වැඩසටහන 2018 ජනවාරි මස 17 වන දින සිට 2018 ජනවාරි මස 19 වන දින දක්වා පවත්වන ලදී.

මෙම පුහුණු වඩසටහන පැවැත්වීමේ අරමුණ වූයේ ආයතනික සංස්කෘතීන් හා පරිපාලන පරිසරය තුල අභියෝග වලට මුහුණ දීමට ශී‍්‍ර ලංකා ගුවන් හමුදාවේ අණදෙන නිළධාරීන්ගේ පරිපාලන සහ කළමණාකරන කාර්ය සාධන හැකියාව වර්ධනය කිරීමයි. පුහුණු වැඩසටහන ආරම්භ කරමින් කනිෂ්ඨ අණ හා මාණ්ඩලික පුහුණු පාසලේ අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් එස්ඩීජීඑම් සිල්වා විසින් දේශනයක් පැවැත්වූ අතර පුහුණු වැඩසටහන අවසානයේ චීන වරාය විද්‍යාපීඨ පීඨාධිපති එයාර් කොමඩෝර් එච් එස් එස් තුයියකොන්තා විසින් සියළු දෙනා අමතන ලදී.

එසේම මෙහිදී අණදෙන නිළධාරීන්  එකිනෙකා අතර තම අත්දැකීම් හා දැනුම හුවමාරු කරගැනීමද සිදුවිය. මෙම පුහුණු සැසියේ දේශන සහ විෂයන් පරිනත උපදේශකයන් විසින් මෙහෙයවනු ලැබූ අතර ඵලදායී සාකච්ඡා සැසි සමගින් විශාල විෂය පථයක් ආවරණය කරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි