ගුවන් හමුදාවට නව රබර් මිශ‍්‍ර කොහු මෙට්ට නිශ්පාදන අංශයක් සහ ඉවතලන කඩදාසි ප‍්‍රතිචක‍්‍රීකරණ අංශයක්
කටුනායක ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරේ අළුතින් ඉදිකරන ලද රබර් මිශ‍්‍ර කොහු මෙට්ට නිශ්පාදන අංශය සහ ඉවතලන කඩදාසි ප‍්‍රතිචක‍්‍රීකරණ අංශය විවෘත කිරීම ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා විසින් 2018 ජනවාරි මස 25 වන දින උදෑසන කටුනායක ගුවන් හමුදා කඳවුරේදී සිදුකරන ලදී.
මෙම ව්‍යාපෘතියේ සංවර්ධන කටයුතු සහ ස්ථාපිත කිරීමේ කටයුතු ගුවන් හමුදාධිපතිතුමන්ගේ පූර්ණ මගපෙන්වීම යටතේ ගුවන් හමුදා විධායක පර්යේශණ හා සංවර්ධන නිළධාරී එයාර් කොමඩෝර් ජේපී බාලසූරිය සහ කටුනායක ගුවන් හමුදා කඳවුරු පර්යේශණ හා සංවර්ධන පක්‍ෂාංගයේ අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් එස්ඩබ්සීපී බෝධිසීල විසින් සිදු කරන ලදී.
මෙම නිශ්පාදන අංශයන් ස්ථාපිත කිරීම තුළින් ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ අවශ්‍යතාවයන් සඳහා රබර් මිශ‍්‍ර කොහු මෙට්ට සහ කඩදාසි නිශ්පාදනය කිරීමට බලාපොරොත්තු වෙයි.
ගුවන් හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප‍්‍රධානී එයාර් වයිස් මාර්ෂල් ඒ එම් ද සොයිසා, ගුවන් හමුදා අධ්‍යක්‍ෂක මණ්ඩලයේ සාමාජිකයින්, ගුවන් හමුදා ජ්‍යේෂ්ඨ නිලධාරීන්, කටුනායක ගුවන් හමුදා කඳවුරු ගුවන් හමුදා නිළධාරීන් සහ සෙසු නිළයන් රැුසක්ද මෙම අවස්ථාවට එක් වූහ.