වාර්ෂික පාලක නායකයින්ගේ පුහුණු කඳවුරේදී ගුවන් බාලදක්ෂයන් සිය දක්ෂතා විදහා දක්වයි
11:23am on Friday 2nd February 2018
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා ගුවන් බාලදක්ෂ කණ්ඩායම විසින් සංවිධානය කරන ලද වාර්ෂික පාලක බාලදක්ෂ පුහුණු කඳවුර 2018 ජනවාරි මස 26 වන දින සිට 28 වන දින දක්වා කොග්ගල ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරේදී පවත්වන ලදී.

මෙි සඳහා ගුවන් බාලදක්ෂයින් 87 දෙනෙකු සහ ගුවන් බාලදක්ෂ නායකයින් 30 දෙනකු පමණ සහභාගී වූහ. මෙම පුහුණු පාඨමාලාව ජාතික බාලදක්ෂ මූලස්ථාන සහායක වැඩසටහන් කොමසාරිස් රුවන් ආරියරත්න, ගාල්ල දිස්ත‍්‍රික් බාලදක්ෂ කොමසාරිස් කර්නල් ආනන්ද අල්විස් විසින් ප‍්‍රධාන බාලදක්ෂ කණ්ඩායම් නායක් ගෲප් කැප්ටන් ජේඒපීඑස් ජයවර්ධන, කොළඹ බාලදක්ෂ කණ්ඩායම් නායක විංග් කමාන්ඩර් එල්එස්ආර් පාගොඩ, ගාල්ල දිස්ත‍්‍රික්කයේ ගුවන් බාලදක්ෂ කණ්ඩායම් බාලදක්ෂ නායක ෆ්ලයිට් ලෙෆ්ටිනන්ට් පීජීආර්එම්එම් පද්මතිලක සහ අනෙකුත් ජ්‍යේෂ්ඨ ගුවන් බාලදක්ෂ නායකයින්ගේ අනුදැනුම යටතේ මෙහෙයවන ලදී.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි