දියතලාව ගුවන් හමුදා කඳවුරෙන් සමාජ සත්කාරක සේවාවක්
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා 67 වන සංවත්සරයට සමගාමීව  ගුවන් හමුදා දියතලාව සටන් පුහුණු පාසල මගින් හපුතලේ දෙමළ මධ්‍ය මහා විද්‍යාලය අසල මාර්ගයේ  නව බස් නැවතුම් පොළක් ඉදිකර 2018 පෙබරවාරි මස 01 දින ජනතා අයිතියට පත් කරන ලදී.

මෙම ප‍්‍රදේශයට දිගු කලක් තිස්සේ පැවති අවශතාවක් වන මෙම බස් නැවතුම පාසල් දරුවන් මෙන්ම ප‍්‍රදේශවාසීන් විශාල පිරිසකට අව් වැසි වලින් ආරක්ෂාව සලසා ගැනීමට පිටුවහලක් වේ.

හපුතලේ දෙමළ මධ්‍ය මහා විද්යාලයේ විදුහල්පති හා කාර්ය මණ්ඩලය විසින් මෙම විවෘත කිරීමේ උත්සවය සංවිධානය කරන ලද අතර ශ‍්‍රී ලංකා ගුවන් හමුදා දියතලාව සටන් පුහුණු පාසලේ අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් ඩබ්ලිව් ඩබ්ලිව් පී ඩී ප‍්‍රනාන්දු, නිළධාරීන්,  සිසු නිළයන් හා ප‍්‍රදේශ වාසින් පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී විය.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි