අංක 02 සැපයුම් හා නඩත්තු ඩිපෝව තම 21 වන සංවත්සරය සමරයි
හිඟුරක්ගොඩ මූලික කඳවුරෙහි ස්ථාපිත කොට ඇති අංක 02 සැපයුම් හා නඩත්තු ඩිපෝව තම 21 වන සංවත්සරය අණදෙන නිළධාරි විංග් කමාන්ඩර් බී එස් ද එස් වීරවර්ධන මහතා ගේ මූලිකත්වයෙන් 2018 පෙබරවාරි 01 දින සමරනු ලැබීය

සංවත්සර සැමරුමට සමගාමීව හිගුරක්ගොඩ "මිහිරි කන්ත" ආබාදිත නිවාසය මූලික කර ගනිමින් ආබාදිත පුද්ගලයන් 30 දෙනෙකු සඳහා ගෘහස්ථ උපකරණ, සෙවිලි තහඩු හා පිරිසිදු කිරීමේ උපකරණ බෙදාදීමක් ද "ප‍්‍රාර්තනා බෝධිය" අවට ස‍්‍රමදාන වැඩසටහනක්ද ඉන් අනතුරුව කාව්‍යමය ධර්ම දේශනයක්ද පවත්වන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි