සිංගප්පූරු ගුවන් ප‍්‍රදර්ශනය නැරඹීමට ගුවන් හමුදාධිපතිතුමන් එක්වෙයි
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා සිංගප්පූරුවේ චැංගි ප‍්‍රදර්ශන මධ්‍යස්ථානයේ පැවැත්වෙන වාර්ෂික සිංගප්පූරු ගුවන් ප‍්‍රදර්ශනය නැරඹිම සඳහා සහභාගී විය. ප‍්‍රදර්ශනය පෙබරවාරි මස 6 වන දින ආරම්භ විය.
රටවල් 48 ක ගුවන් යානා සහ ආරක්‍ෂක සමාගම් දහසකට අධික සංඛ්‍යාවක් තම ගුවන් බලය හා ඒ ආශ‍්‍රිත තාක්‍ෂණය මෙම ප‍්‍රදර්ශනයේදී ඉදිරිපත් කරනු ලබයි. ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපතිතුමන් ලෝකයේ විවිධ රටවල රාජ්‍ය හා හමුදාවන්හි සම්භාවනීය අමුත්තන් සමග ප‍්‍රදර්ශනය නැරඹීමට එක්විය.
2018 සිංගප්පූරු ගුවන් ප‍්‍රදර්ශනය ගුවන් සංදර්ශන, ගුවන් සේවා නායකත්ව සමුළුවකින් සමන්විත වන අතර ජාත්යන්තර ජ්යෙෂ්ඨ වාණිජ හා රජයේ නියෝජිතයින්ගේ පෙර නොවූ විරූ ජාලයක් පිරිනැමෙනු ඇත.
එසේම ගුවන් හමුදාධිපතිතුමන් සහ ප‍්‍රජාතාන්ත‍්‍රික සංගප්පූරු ගුවන් හමුදාවේ ප‍්‍රධානී මේජර් ජෙනරාල් මර්වින් ටැන් වෙයි මිංග් අතර හමුවක්ද පැවැත්විණි. එහිදී හමුව සිහිපත් කිරීම පිණිස දෙපාර්ෂවය අතර සමරු ඵලක හුවමාරුවක්ද සිදු කෙරිණි.
එසේම ගුවන් හමුදාධිපතිතුමන් සහ පැසිෆික් ගුවන් හමුදාධිපති ජෙනරාල් ටෙරන්ස් ජේ. ඔ්,ෂවුග්නෙසි අතර හමුවක්ද පැවැත්විණි.
මෙම ගුවන් ප‍්‍රදර්ශනය පෙබරවාරි මස 11 වන දින දක්වා පැවැත්විණි.