50 වසරක බෙල් හෙලිකොප්ටර් මෙහෙයුම් උදෙසා බෙල් හෙලිකොප්ටර් ටෙක්ස්ට්‍රෝන් වෙතින් ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවට සම්මානයක්
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව 50 වසරක් පුරා සිදු කරන ලද බෙල් හෙලිකොප්ටර් මෙහෙයුම් ඇගයීම පිණිස බෙල් හෙලිකොප්ටර් ටෙක්ස්ට්‍රෝන් වෙතින් ප‍්‍රදානය කරන ලද විශේෂ සම්මානය ශ‍්‍රි ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා වෙත ප‍්‍රදානය කරන ලදී.

ගුවන් හමුදාධිපතිතුමන් සිංගප්පූරු චැංගි ප‍්‍රදර්ශන මධ්‍යස්ථානයේ පැවැත්වෙන 2018 සිංගප්පූරු ගුවන් ප‍්‍රදර්ශනයෙදී මෙම සම්මාන ප‍්‍රදානය සිදු කරන ලදී.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව බෙල් 206, 212 සහ 412 හෙලිකොප්ටර් යානා මෙහෙයුම් දැනටත් සිදුකරමින් පවතී. ගුවන් හමුදාව වෙනුවෙන් සම්මානය ලබාගත් ගුවන් හමුදාධිපතිතුමන්ද පියාසර පැය 5000 කට අධික කාලයක් පියාසර කල හෙලිකොප්ටර් නියමුවෙක් වෙයි.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි