ජාත්‍යන්තර ලෝහක ඡායා වෙඩි තැබීමේ සංගම් කුඩා සිදුරු වෙඩි තැබීමේ තරඟාවළිය 2018
ජාතික රයිෆල් සංගමයේ සහයෝගීතාවයෙන් නුවරඑළිය වෙඩි තැබීමේ ක‍්‍රිඩා සමාජිය විසින් සංවිධානය කරන ලද 2018 ජාත්‍යන්තර ලෝහක ඡායා වෙඩි තැබීමේ සංගම් කුඩා සිදුරු වෙඩි තැබීමේ තරඟාවළිය 2018 පෙබරවාරි මස 15-18 දක්වා නුවර එළිය බොඹුරුඇල්ල වෙඩි පිටියේදී පවත්වන ලදී.

මෙම ප‍්‍රධාන පෙළේ වෙඩි තැබීමේ තරඟාවළිය සඳහා දිවයිනේ වෙඩි තැබීමේ ක‍්‍රීඩා සමාජ 12 ක් නියෝජනය කරමින් වෙඩික්කරුවන් 80 කට අධික සංක්‍යාවක් සහභාගී වූහ. ශී‍්‍ර ලංකා ගුවන් හමුදාව නියෝජනය කරමින් වෙඩි තැබීමේ ක‍්‍රිඩකයින්  08 දෙනෙකු සහ ක‍්‍රිඩිකාවන් 04 දෙනෙකු විවිධ තරඟ අංශ 08 ක් යටතේ තරඟාවළිය සඳහා සහභාගී විය. එහිදී රන් පදක්කම් 1 ක්, රිදී පදක්කම් 7 ක් සහ ලෝකඩ පදක්කම් 3 ක් දිනාගැනීමට ගුවන් හමුදා ක‍්‍රිඩක ක‍්‍රීඩිකාවන් සමත් විය.

මෙම තරඟාවළිය ජාත්‍යන්තර ලෝහක ඡායා වෙඩි තැබීමේ සංගම් වර්ගීකරණය යටතේ පැවැත්වෙන ජාත්‍යන්තර තරඟාවළි සඳහා තෝරා ගැනීමේ තරඟාවළියක් ලෙස සලකනු ලැබේ.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි