ගුවන් හමුදා ප‍්‍රදර්ශණය හා සැනකෙළිය දෙවන දින
ගුවන් හමුදා ප‍්‍රදර්ශණය හා සැනකෙළිය දෙවන දිනටත් සාර්ථකව ආරම්භ කරන ලදී මෙම ප‍්‍රදර්ශණය හා සැනකෙළිය සුපුරුදු පරිදි ප.ව 2.00 ට ගාස්තුවකින් තොරව මහජනතාවට නැරඹීමේ අවස්ථාව හිමිවේ.

පළමු දින (2018 මාර්තු මස 03) ප‍්‍රදර්ශනය සහ සැණකෙළිය රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යාංශ ලේකම් කපිල වෛද්‍යරත්න මහතා විසින් නිළ වශයෙන් ආරම්භ කිරීමෙන් අනතුරුව දරුවන් සහ වැඩිහිටියන් භේදයකින් තොරව පැවති අයහපත් කාළගුණයද නොතකමින් ප‍්‍රදර්ශනය නැරඹීමට එක් වූහ.

දෙවන දිනයේදීද අති විශාල ජනකායක් ප‍්‍රදර්ශනය සහ සැණකෙලිය නැරඹීමට එක්වූහ.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි