ගුවන් හමුදා පාලවි කඳවුර සරුංගල් තරඟාවළියක් පවත්වයි...
ගුවන් හමුදා පාලවි කඳවුර සංවිධානය කරනු ලැබූ සරුංගල් තරඟාවළියක් පසුගිය 2010 සැප්තැම්බර් මස 11 පාලවිය ගුවන් හමුදා කඳවුරේදී පවත්වනු ලැබිණි.

මෙම තරඟාවළිය සඳහා ගුවන් හමුදා පාලවි කඳවුරේ සියළුම නිළධාරීන්, ගුවන් භටයින් සහ සිවිල් සේවකයින් සහභාගී වු අතර මෙහෙයුම් භූමි අංශයේ ගුවන් භට චතුරංග විසින් ප‍්‍රථම ස්ථානය දිනා ගන්නා ලදී.  ඔහු විසින් නිර්මාණය කරන ලද සරුංගලය හොඳම හා විශාලතම සරුංගලය වූ අතර එය අඩි 10 ක උසකින් හා අඩි 08 ක පළලකින් යුත්ක විය.

මෙම අවස්ථාවට පාලවි කඳවුරේ වැඩ බලන කඳවුරු අණදෙන නිළධාරී බලඝණ නායක ජේ.එම්.සී.ආර්. ජයසුන්දර ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී විය.



airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි