'ශ‍්‍රී ලංකා ගුවන් හමුදා චිනවරාය විද්‍යාපිඨ කදවුරෙහි ඉතිහාසය සහ ගුවන් හමුදා මොරවැව කදවුරෙහි ඉතිහාසය' යනුවෙන් ග‍්‍රන්ථයක් එළිදැක්වේ
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ විංග් කමාන්ඩර් රත්නපාල (විශ‍්‍රාමික) විසින් රචිත ශ‍්‍රී ලංකා ගුවන් හමුදා චිනවරාය විද්‍යාපිඨ කදවුරෙහි ඉතිහාසය සහ ගුවන් හමුදා මොරවැව කදවුරෙහි ඉතිහාසය 1959 සිට 1999 දක්වා නැමැති ග‍්‍රන්ථය එළිදැක්වීමේ උත්සවය ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයමිපති මහතා ප‍්‍රධානත්වයෙන් ගුවන් හමුදා මූලස්ථාන ශ‍්‍රවණාගාරයේදී 2018 මාර්තු 12 දින පැවැත්විණ.

මෙම උත්සවය සදහා ගුවන් හමුදා චිනවරාය විද්‍යාපිඨ කදවුරෙහි මේ දක්වා සේවය කල විශ‍්‍රාමික සහ දැනට සේවයෙහි නියුතු ජ්‍යෙෂ්ඨ නිළධාරීන්, නිළධාරීන් ඇතළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගීවී සිටි අතර මෙම අවස්ථාවට ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහිභාගිවු ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයමිපති මහතා වෙත මෙම ග‍්‍රන්ථයෙහි පළමු පිටපත විංග් කමාන්ඩර් රත්නපාල (විශ‍්‍රාමික) විසින් පිළිගන්වනු ලැබීය.

මෙම අද්විතීය ග‍්‍රන්ථයෙහි ලේඛණගතවී ඇති ශ‍්‍රී ලංකා ගුවන් හමුදා චිනවරාය විද්‍යාපිඨ කදවුරෙහි ඉතිහාසය සහ ගුවන් හමුදා මොරවැව කදවුරෙහි ඉතිහාසය ගුවන් හමුදාවේ ඉදිරි ගමනට එක්වන බොහෝ ගුවන් හමුදා නිළධාරීන්ගේ හා ගුවන් භට ගුවන් කාන්තාවන්ගේ සාර්ථක ගමන් මගක දොරටු විවර කරන මූලික අඩිතාලමක් ලෙස සැබැවින්ම හැදින්විය හැක.    

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි